රථවාහන වැරදි කළොත් දැන් පොලිස් දඩ නෑ කෙලින්ම උසාවි

නොසැලකිලිමත් ලෙස සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා නිකුත් කිරීම වෙනුවට ඔවුන් සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට මේ වනවිට උපදෙස් නිකුත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.

දිවයින පුරා සිදුවන මාරක මාර්ග අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම දැඩි පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මෙම වසරේ ජනවාරි 01 සිට ජුනි 26 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1,292ක් වාර්තා වී ඇති අතර, එයින් ජීවිත 1,357ක් අහිමි වී ඇති බව පොලිසිය පවසන්නේ.

එම කාලය තුළම බරපතළ තුවාල සහිත අනතුරු 2,512ක් සහ සුළු අනතුරු 5,059ක් ද වාර්තා වී තිබෙනවා.

මෙම අනතුරුවලින් මියගිය අය අතර පදිකයින් 467ක් සහ යතුරුපැදිකරුවන් 465ක් වනවා.

අධික වේගය සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම මෙලෙස මාරක මාර්ග අනතුරු ඉහළ යාමට ප්‍රධානතම හේතු වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

  1. හොරට ලයිශන් දෙන උන් ඉස්සෙල්ලම අල්ලගන්න ඕනේ. එළවන උන්ට විනයක් නෑ. ඊට පස්සේ දඩ ගහන්න ඔන්ලයින් ගෙවන්න දෙන්න එතකොට හරි …ඔය නීතිය හොඳයි පොලීසියට ජරාව කන්න නම්

  2. පසුගිය කාලය පුරාවටම අපි දැක්කා පසුගිය කාලය පුරාවටම අපි දැක්කා පොලිසිය ම් වැරැද්දක් නැතුව රියදුරන්ට දඩ නියම කරන හැටි.

    දඩ කොළයක්ද එසේ නැත්නම් උසාවියද කියන එක නොවෙයි කාරණේ.
    වරද නිවැරදිව හඳුනාගෙන පොලිසිය සාධාරණ අයුරින් වරද නියම කළ යුතුයි.

  3. Driver Demerit point system( ( රියදුරු අභිවෘද්ධිතා ලකුණු ක්‍රමය) පටන් ගන්නේ නැත්තේ ඇයි. ඒක පටන් ගත්තා නම් රියදුරන් ඉබේම විනයගරුක වේවි.

    • පොලීසියට පගාව ගන්න වැඩක් තමයි එකත්… පව් ඒ මිනිස්සුන්ගේ අම්මා තාත්තා ගෙ ඉඳලා බැණුම් අහනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14