අකුරැස්සේ ප්‍රාදේශීය ලේකම්වරිය පැදවූ කැබ් රථයට කාන්තාවක් යටවෙයි

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ රජකාරී කැබ් රථයේ ගැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

මාතර නගරයේ පදික මාරුවක් මත දී පසුගිය සිකුරාදා (26) දිනයේ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ කාන්තාව රැකියාව නිම වී පස්වරුවේ නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුව අවස්ථාවේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය කැබ් රථය පදවාගෙන පැමිණ ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඇයව මාතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඇයව ලබන 30 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මාතර පොලිසියේ රථවාහන අංශය පැවසුවේ.

අනතුරට ලක්වූ කාන්තාව මේ වනවිට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුර සිදුවන ආකාරය අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14