උතුරු පළාතේ ධීවරයින්ගේ ගැටලු ගැන ඇමති සමඟ දීර්ඝ සාකච්ඡාවක්

උතුරු පළාතේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කෙටි කාලීන විසඳුම් නොව, ප්‍රායෝගික හා ස්ථිර විසඳුම් ලබාදීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.

යාපනයේ පැවති උතුරු පළාත් ධීවර එකමුතුවේ නියෝජිතයින් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම සාකච්ඡාව උතුරු පළාත් ධීවර එකමුතුවේ උප සභාපති ඇන්ටනි ඇල්බට්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී උතුරු පළාතේ ධීවරයන් මුහුණ දෙන නීතිවිරෝධී මසුන් ඇල්ලීම, ඉන්දියානු ට්‍රෝලිං (Bottom Trawling) ක්‍රම, කරමල් දැල් ආශ්‍රිත ගැටලු ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙම ගැටලු නියාමනය කිරීම සඳහා නව නීති කෙටුම්පත් සකස් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, එම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සංශෝධන නැවත සලකා බලා යළි යොමු කර ඇති අතර, අවසන් අනුමැතිය ලැබුණු වහාම ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසුවා.

මුහුදු කූඩැල්ලන් (Sea Cucumber) වගා ව්‍යාපෘති හේතුවෙන් කුඩා පරිමාණ ධීවරයන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා–ඉන්දියා ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ඉදිරියේදී පැවැත්වෙන බවත්, ආලෝක භාවිතයෙන් සිදුකරන නීතිවිරෝධී මසුන් ඇල්ලීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු පැවසුවා.

මුහුදේදී අතුරුදන් වන ධීවරයන් සහ යාත්‍රා සම්බන්ධයෙන්ද රජය විශේෂ අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ජපාන රජයේ මූල්‍ය ආධාර යටතේ නවීන පහසුකම්වලින් සමන්විත ගලවා ගැනීමේ (Rescue) යාත්‍රා දෙකක් මෙම වසර තුළ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නියමිත බව දැනුම් දුන්නා.

එමඟින් මුහුදේ හදිසි අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර ලබාදීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු සඳහන් කළා.

අතුරුදන් වන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් නවීන තාක්ෂණික නිරීක්ෂණ උපකරණ සවි කිරීම පිළිබද ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා අනාවරණය කළා.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කරදිය ක්ෂේත්‍රයෙහි ධීවරයන් සඳහා මේ වන විට නව යාත්‍රා 138කට අධික සංඛ්‍යාවක් ලබාදී ඇති අතර, යාත්‍රා 100කට වැඩි සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ඇති බවත්, සෙසු පීඩාවට පත් ධීවරයන්ට වන්දි මුදල් හා ධීවර ආම්පන්න ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරනු ලැබුවා.

භූමිතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් කුඩා ධීවර යාත්‍රා සඳහා දිනකට ලීටර් 25ක් මසකට දින 25 ක්, මාස තුනක් දක්වා ලීටරයකට රුපියල් 50 බැගින් සහනාධාරයක් ලබාදෙන අතර, විශාල යාත්‍රා සඳහා දැනට ක්‍රියාත්මක සහනාධාර ක්‍රමයද අඛණ්ඩව පවත්වාගෙන යන බව අමාත්‍යවරයා පැවසුවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් ධීවරයන්ට සිදුවන ආර්ථික හානි අවම කිරීම සඳහා විශේෂ සහන හා ආරක්ෂණ වැඩසටහන් මේ වන විට සකස් කරමින් පවතින අතර, ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

කුඩා පරිමාණ ධීවරයන්ගේ ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන ඇතැම් තාක්ෂණික ක්‍රමවේද පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සඳහා නෝර්වේ සහ ජපානයේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කියා සිටියා.

“පසුගිය රජයන් මෙන් නොව, වත්මන් රජය ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ කර්මාන්තයේ දියුණුව ප්‍රමුඛතාවක් ලෙස සලකනවා. ධීවර ජනතාවගේ ගැටලුවලට ප්‍රායෝගික හා ස්ථිර විසඳුම් ලබාදීම සඳහා රජය අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරනවා,” යැයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17