AFC Banner
Empty Ad
Empty Ad

රාජකාරි වෙලාවේ කොටු පැන්නට; අනියම් බිරිඳගේ සැමියගෙන් ගුටි පූජාවක්

පානදුර පොලිස් කොට්ඨාශයට අයත් ඉහළ තනතුරක් හොබවන නිලධාරියෙකු සිය අනියම් බිරිඳ සමග සිටියදී අනියම් බිරිඳගේ සැමියාගේ අතට හසු වී පහරකා ඇති පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිලධාරියා පානදුර ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය සහායිකාවක සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණා.

ඊයේ (25) දින එම අනියම් බිරිඳගේ ස්වාමියා එම නිවසේ නොසිටි බව දැනගත් පසුව පොලිස් නිලධාරියා එම නිවසට ගොස් තිබෙනවා.

ඒ අතරතුර අනියම් බිරිඳ ගේ සැමියා නිවසට පැමිණීමෙන් පසු පොලිස් නිලධාරියාට ද පහරදී ඔහු පැමිණි යතුරු පැදියටද බරපතළ හානි සිදුකර තිබුණා.

එම පොලිස් නිලධාරියා තම සේවා ස්ථානයේ කොස්තාපල්වරයෙකුට අයත් යතුරු පැදියකින් මෙලෙස අනියම් බිරිඳගේ නිවසට පැමිණ ඇති අතර
එම යතුරු පැදිය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට සිදුවීම සැලවීමත් සමගින් සැකකාර පොලිස් නිලධාරියා දැරූ තනතුරෙන් ඉවත් කර ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?