රාජකාරි වෙලාවේ කොටු පැන්නට; අනියම් බිරිඳගේ සැමියගෙන් ගුටි පූජාවක්

පානදුර පොලිස් කොට්ඨාශයට අයත් ඉහළ තනතුරක් හොබවන නිලධාරියෙකු සිය අනියම් බිරිඳ සමග සිටියදී අනියම් බිරිඳගේ සැමියාගේ අතට හසු වී පහරකා ඇති පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිලධාරියා පානදුර ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය සහායිකාවක සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණා.

ඊයේ (25) දින එම අනියම් බිරිඳගේ ස්වාමියා එම නිවසේ නොසිටි බව දැනගත් පසුව පොලිස් නිලධාරියා එම නිවසට ගොස් තිබෙනවා.

ඒ අතරතුර අනියම් බිරිඳ ගේ සැමියා නිවසට පැමිණීමෙන් පසු පොලිස් නිලධාරියාට ද පහරදී ඔහු පැමිණි යතුරු පැදියටද බරපතළ හානි සිදුකර තිබුණා.

එම පොලිස් නිලධාරියා තම සේවා ස්ථානයේ කොස්තාපල්වරයෙකුට අයත් යතුරු පැදියකින් මෙලෙස අනියම් බිරිඳගේ නිවසට පැමිණ ඇති අතර
එම යතුරු පැදිය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට සිදුවීම සැලවීමත් සමගින් සැකකාර පොලිස් නිලධාරියා දැරූ තනතුරෙන් ඉවත් කර ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
23
+1
2
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58