රාජකාරිය දේවකාරිය නොවුණු නිසා හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම

පාස්කුදා ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල ලකුණු කළ ලේඛණ පරීක්‍ෂා කළා නම් ඔහුට එරෙහිව මෙම නඩුව නොදා ඉන්න තිබුණා යැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19දා)  විවෘත අධිකරණයේදී පැවසීය.

පාස්කු ප‍්‍රහාරයට සිදුවීමට පෙර අවස්ථාවන් ගණනාවකදී බුද්ධි අංශ විසින් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ ලිපි පරීක්‍ෂා කළ අවස්ථාවේදී නිරීක්‍ෂණ වු තත්වයන් මත මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බළල්ලේ මහතා එසේ පැවසීය.

පොලිසිය විමර්ශනයක් කළා නම් නීතීපතිවරයාට, අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ එකම ලේඛණ බවත් මෙම නඩුවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් එක එක ස්ථාන වලට ඉදිරිපත් කොට ඇත්තේ එක එක ලේඛණ බවත් පෙන්වා දුන් විනිසුුරු ආදිත්‍ය පටබැඳි මහතා මෙම තත්වය මත අපරාධ විමර්ශන ක‍්‍රියාදාමය පිළිබඳ මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් පෙන්වා දුන්නේය.

පාස්කු ප‍්‍රහාරයට සිදුවීමට පෙර අවස්ථාවන් ගණනාවකදී බුද්ධි අංශ විසින් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ ලිපි 31ක් අතුරින් ලිපි 21කට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත‍්‍රස්ත විමර්ශන අංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේනතුව, නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කරමින් හිටපු පොලිස්පතිවරයා විසින් එම ලිපි යොමු කොට ඇති බව නිරීක්‍ෂණ කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඒ බව පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?