රාජකාරිය දේවකාරිය නොවුණු නිසා හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම

පාස්කුදා ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල ලකුණු කළ ලේඛණ පරීක්‍ෂා කළා නම් ඔහුට එරෙහිව මෙම නඩුව නොදා ඉන්න තිබුණා යැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19දා)  විවෘත අධිකරණයේදී පැවසීය.

පාස්කු ප‍්‍රහාරයට සිදුවීමට පෙර අවස්ථාවන් ගණනාවකදී බුද්ධි අංශ විසින් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ ලිපි පරීක්‍ෂා කළ අවස්ථාවේදී නිරීක්‍ෂණ වු තත්වයන් මත මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බළල්ලේ මහතා එසේ පැවසීය.

පොලිසිය විමර්ශනයක් කළා නම් නීතීපතිවරයාට, අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ එකම ලේඛණ බවත් මෙම නඩුවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් එක එක ස්ථාන වලට ඉදිරිපත් කොට ඇත්තේ එක එක ලේඛණ බවත් පෙන්වා දුන් විනිසුුරු ආදිත්‍ය පටබැඳි මහතා මෙම තත්වය මත අපරාධ විමර්ශන ක‍්‍රියාදාමය පිළිබඳ මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් පෙන්වා දුන්නේය.

පාස්කු ප‍්‍රහාරයට සිදුවීමට පෙර අවස්ථාවන් ගණනාවකදී බුද්ධි අංශ විසින් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ ලිපි 31ක් අතුරින් ලිපි 21කට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත‍්‍රස්ත විමර්ශන අංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේනතුව, නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කරමින් හිටපු පොලිස්පතිවරයා විසින් එම ලිපි යොමු කොට ඇති බව නිරීක්‍ෂණ කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඒ බව පෙන්වා දුන්නේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27