රහස් පටිගත කිරීමක් සිදුකළ හිටපු විදුහල්පතිනියට වැඩ වරදියි – දුරකථනයත් පොලිස් භාරයේ

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට කූට ලේඛන උපයෝගී කර ගනිමින් සිසුවියන් ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (23) එම විදුහලේ හිටපු විදුහල්පතිනිය පොලිසියට කැඳවා තිබුණා.

එහිදී අදාළ හිටපු විදුහල්පතිනිය ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේ දී හොර හරසේ එය සිය ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටිය දී පොලිස් නිලධාරීන්ට හසුව තිබෙනවා.

එම අවස්ථාවේ දී පටිගත කිරීම සිදුකළ ජංගම දුරකථනය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් තොරතුරු හා පරිගණක තාක්ෂණ කොට්ඨාසයට ජංගම දුරකථනය යොමුකර එමඟින් ලබාගන්නා වාර්තාවක් සමඟ නඩු භාණ්ඩයක් ලෙස එය අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ හිටපු විදුහල්පතිනියගෙන් ඊයේ (23) දිනයේ දී පැය 10ක පමණ කාලයක් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ දී ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

විදුහල්පතිනිය පොලීසය හමුවේ ප්‍රකාශ ලබාදීම අරඹා විනාඩි 15ක පමණ කාලයක් එය පටිගත වන අවස්ථවේ දී පොලිසිය විසින් එම දුරකථනය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

2018 හා 2021 අතර කාල සීමාව තුළ මහනුවර ප්‍රදේශයේ පිහිටි එම ප්‍රසිද්ධ බාලිකා පාසලට අතරමැදි පන්ති සඳහා ළමුන් 18ක් පමණ පවතින නීතිමය ක්‍රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන ඇති බව විගණන වාර්තා මඟින් අනාවරණය වුණා.

ඒ, සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන වලදී එම පාසලේ හිටපු මෙම විදුහල්පතිනිය එහි සැකකාරියක් ලෙස නම්කරනු ලැබුවා.

තම නම හා තණතුර අවභාවිත කරමින් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ව්‍යාජ අත්සන් යොදා 2018 හා 2020 අතර කාලයේ දී අදාළ බාලිකා විද්‍යාලයට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදය කුමාර ප්‍රේමතිලක විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.

එම විමර්ශනවල දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ග්‍රාම නිලධාරීවරු දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
6
+1
4
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?