රහස් පටිගත කිරීමක් සිදුකළ හිටපු විදුහල්පතිනියට වැඩ වරදියි – දුරකථනයත් පොලිස් භාරයේ

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට කූට ලේඛන උපයෝගී කර ගනිමින් සිසුවියන් ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (23) එම විදුහලේ හිටපු විදුහල්පතිනිය පොලිසියට කැඳවා තිබුණා.

එහිදී අදාළ හිටපු විදුහල්පතිනිය ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේ දී හොර හරසේ එය සිය ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටිය දී පොලිස් නිලධාරීන්ට හසුව තිබෙනවා.

එම අවස්ථාවේ දී පටිගත කිරීම සිදුකළ ජංගම දුරකථනය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් තොරතුරු හා පරිගණක තාක්ෂණ කොට්ඨාසයට ජංගම දුරකථනය යොමුකර එමඟින් ලබාගන්නා වාර්තාවක් සමඟ නඩු භාණ්ඩයක් ලෙස එය අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ හිටපු විදුහල්පතිනියගෙන් ඊයේ (23) දිනයේ දී පැය 10ක පමණ කාලයක් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ දී ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

විදුහල්පතිනිය පොලීසය හමුවේ ප්‍රකාශ ලබාදීම අරඹා විනාඩි 15ක පමණ කාලයක් එය පටිගත වන අවස්ථවේ දී පොලිසිය විසින් එම දුරකථනය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

2018 හා 2021 අතර කාල සීමාව තුළ මහනුවර ප්‍රදේශයේ පිහිටි එම ප්‍රසිද්ධ බාලිකා පාසලට අතරමැදි පන්ති සඳහා ළමුන් 18ක් පමණ පවතින නීතිමය ක්‍රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන ඇති බව විගණන වාර්තා මඟින් අනාවරණය වුණා.

ඒ, සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන වලදී එම පාසලේ හිටපු මෙම විදුහල්පතිනිය එහි සැකකාරියක් ලෙස නම්කරනු ලැබුවා.

තම නම හා තණතුර අවභාවිත කරමින් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ව්‍යාජ අත්සන් යොදා 2018 හා 2020 අතර කාලයේ දී අදාළ බාලිකා විද්‍යාලයට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදය කුමාර ප්‍රේමතිලක විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.

එම විමර්ශනවල දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ග්‍රාම නිලධාරීවරු දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46