රඹුක්කන ද්ව්ත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රඹුක්කන, හූරියමලුව ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර නිවසක් පිටුපස වළදැමූ සිද්ධිය අදාළව ඊයේ (19) අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා අද (20) කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ දෙවන සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ, අනුව අධිකරණය විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති අතර, හෙට (21) පස්වරු 2.00ට ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

අනෙක් තුන්වන සහ සිව්වන සැකකරුවන් ලබන පෙබරවාරි මස 03 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට මෙහිදී නියෝග කෙරුණා.

මේ අතර මෙම අපරාධයට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් පසුගිය දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

ඝාතනය සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙක් පුත්තලම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී ඊයේ (19) අත්අඩංගුවට ගැනුණු අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනුණේ හෙම්මාතගම ප්‍රදේශයේදීයි.

ඒ, අනුව මෙම අපරාධයට අදාළව සැකකරුවන් හයදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21