spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රඹුක්කන ද්ව්ත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රඹුක්කන, හූරියමලුව ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර නිවසක් පිටුපස වළදැමූ සිද්ධිය අදාළව ඊයේ (19) අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා අද (20) කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ දෙවන සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ, අනුව අධිකරණය විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති අතර, හෙට (21) පස්වරු 2.00ට ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

අනෙක් තුන්වන සහ සිව්වන සැකකරුවන් ලබන පෙබරවාරි මස 03 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට මෙහිදී නියෝග කෙරුණා.

මේ අතර මෙම අපරාධයට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් පසුගිය දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

ඝාතනය සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙක් පුත්තලම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී ඊයේ (19) අත්අඩංගුවට ගැනුණු අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනුණේ හෙම්මාතගම ප්‍රදේශයේදීයි.

ඒ, අනුව මෙම අපරාධයට අදාළව සැකකරුවන් හයදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?