රන් සහ ලෝකඩ පදක්කම් දිනා පැමිණි චෙස් ශූරයන් (ඡායාරූප)

උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසැල් චෙස් ශූරතා තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසැල් සිසුන් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය උස්බෙකිස්තානයේ ටස්කන්ට් දී පැවැත්වුණේ පසුගිය 13 වනදා සිට 21 වනදා දක්වායි.

මේ සඳහා සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න රන් පදක්කම් 02ක් ද, මාතර සුජාතා විද්‍යාලයේ හොසිත්මි පෙහන්සා සමරවීර රන් පදක්කමක් ද, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ ඉලීෂා උමන්දි මුදලිගේ රන් පදක්කමක් සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලේන් බිම්සත් ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබෙනවා.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස අද අලුයම 02.17ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ – 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා පාසැල් චෙස් සංගමයේ නිලධාරීන්, එම සිසුන්ගේ දෙමාපියන්, ඔවුන් ඉගෙනුම ලබන පාසැල්වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ සිසුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?