රන් සහ ලෝකඩ පදක්කම් දිනා පැමිණි චෙස් ශූරයන් (ඡායාරූප)

උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසැල් චෙස් ශූරතා තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසැල් සිසුන් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය උස්බෙකිස්තානයේ ටස්කන්ට් දී පැවැත්වුණේ පසුගිය 13 වනදා සිට 21 වනදා දක්වායි.

මේ සඳහා සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න රන් පදක්කම් 02ක් ද, මාතර සුජාතා විද්‍යාලයේ හොසිත්මි පෙහන්සා සමරවීර රන් පදක්කමක් ද, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ ඉලීෂා උමන්දි මුදලිගේ රන් පදක්කමක් සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලේන් බිම්සත් ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබෙනවා.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස අද අලුයම 02.17ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ – 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා පාසැල් චෙස් සංගමයේ නිලධාරීන්, එම සිසුන්ගේ දෙමාපියන්, ඔවුන් ඉගෙනුම ලබන පාසැල්වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ සිසුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01