Empty Ad
AFC Banner
Empty Ad

රන් මිල සීග්‍රයෙන් වෙනස් වෙයි

රත්‍රං මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයින් පවසයි. ඒ අනුව අද (30) දිනයේ කැරට් 22 රන් පවුමක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 185,000ක් ලෙස බව ඔවුන් සඳහන් කරයි.

කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ ගොස් ඇති බවද හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයින් පෙන්වා දෙයි.

රන් මිල ගණන් මෙලෙස ඉහළ ගියද මේ වනවිට වෙළෙඳපොළ තුළ දැඩි රත්‍රං හිඟයක් නිර්මාණය වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් රත්‍රං නිෂ්පාදකයින් සතුව නොමැති බව හෙට්ටිවීදියේ රන් නිෂ්පාදකයින් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?