රතු පන්දුවට සමුදීමේ තීරණය වනිඳු ක්‍රිකට් ආයතනයට දන්වයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

සුදු පන්දු ආකෘතීන් තුළ සිය ක්‍රිකට් දිවිය ඉදිරියට ගෙන යාමට කැපවීම ප්‍රකාශ කරමින් වනිඳු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වනිඳුගේ එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියකින් දැනුම් දී ඇති අතර, සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදීමට ඇති ආශාව මෙම තීරණයට හේතු වී ඇති බව අදාළ ලිපියෙන් දන්වා තිබෙනවා.

සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය දික්කර ගැනීමට අපේක්ෂා කරන බවත්, තමන් උපරිමයෙන් ජාතියට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් හසරංග එම ලිපියෙන් අවධාරණය කර ඇති බව සඳහන්.

වනිඳු හසරංග 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් අතර, ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග 04ක් පමණයි.

එහිදී ඔහු ඉනිම් 07ක් තුළ ලකුණු 196ක් රැස්කරගෙන කඩුලු 04ක් බිඳ දමා තිබෙනවා.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2021 වසරේ අප්‍රේල් මාසයේදී යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
11
+1
34
+1
6
+1
21
+1
9
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?