රතු පන්දුවට සමුදීමේ තීරණය වනිඳු ක්‍රිකට් ආයතනයට දන්වයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

සුදු පන්දු ආකෘතීන් තුළ සිය ක්‍රිකට් දිවිය ඉදිරියට ගෙන යාමට කැපවීම ප්‍රකාශ කරමින් වනිඳු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වනිඳුගේ එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියකින් දැනුම් දී ඇති අතර, සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදීමට ඇති ආශාව මෙම තීරණයට හේතු වී ඇති බව අදාළ ලිපියෙන් දන්වා තිබෙනවා.

සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය දික්කර ගැනීමට අපේක්ෂා කරන බවත්, තමන් උපරිමයෙන් ජාතියට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් හසරංග එම ලිපියෙන් අවධාරණය කර ඇති බව සඳහන්.

වනිඳු හසරංග 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් අතර, ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග 04ක් පමණයි.

එහිදී ඔහු ඉනිම් 07ක් තුළ ලකුණු 196ක් රැස්කරගෙන කඩුලු 04ක් බිඳ දමා තිබෙනවා.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2021 වසරේ අප්‍රේල් මාසයේදී යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14