රතීගේ ‘නෝට්බුක්’ සැමරුමට IPL පිටියේ දී දඩ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක දිග්වේෂ් රතීට දඬ පනවා තිබෙනවා.

අයි.පී.එල් චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කරමින් ඔහු සිදුකළ සැමරුමක් හේතුවෙන් මෙලෙස දඩ පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ රාත්‍රියේ ලක්නව් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයේ දී මුම්බායි පිතිකරු නාමන් ධීර්ගේ කඩුල්ල දවාගත් පසු සිදුකළ ‘නෝට්බුක්’ සැමරුමට එරෙහිවයි ඔහුගෙන් මෙලෙස 50%ක දඩයක් සහ දඬුවම් ලකුණු දෙකක් ලබා දී ඇත්තේ.

ප්‍රතිවාදී ක්‍රීඩකයන්ව හෙළා දකිමින් ඔහු සිදුකරන මෙම සැමරුම මීට පෙර පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී සිදුකර තිබුණා.

ඒ, හේතුවෙනුයි දිග්වේෂ් රතීට මෙවැනි දඬයක් නියම කිරීමට අයි.පී.එල් සංවිධායකින් තීරණය කර ඇත්තේ.

මේ අතර, ලක්නව් නායක රිෂාබ් පාන්ට්ට ඊයේ තරගයේදී මන්දගාමී ඕවර අනුපාතයක් රඳවා ගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
10
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?