රතීගේ ‘නෝට්බුක්’ සැමරුමට IPL පිටියේ දී දඩ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක දිග්වේෂ් රතීට දඬ පනවා තිබෙනවා.

අයි.පී.එල් චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කරමින් ඔහු සිදුකළ සැමරුමක් හේතුවෙන් මෙලෙස දඩ පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ රාත්‍රියේ ලක්නව් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයේ දී මුම්බායි පිතිකරු නාමන් ධීර්ගේ කඩුල්ල දවාගත් පසු සිදුකළ ‘නෝට්බුක්’ සැමරුමට එරෙහිවයි ඔහුගෙන් මෙලෙස 50%ක දඩයක් සහ දඬුවම් ලකුණු දෙකක් ලබා දී ඇත්තේ.

ප්‍රතිවාදී ක්‍රීඩකයන්ව හෙළා දකිමින් ඔහු සිදුකරන මෙම සැමරුම මීට පෙර පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී සිදුකර තිබුණා.

ඒ, හේතුවෙනුයි දිග්වේෂ් රතීට මෙවැනි දඬයක් නියම කිරීමට අයි.පී.එල් සංවිධායකින් තීරණය කර ඇත්තේ.

මේ අතර, ලක්නව් නායක රිෂාබ් පාන්ට්ට ඊයේ තරගයේදී මන්දගාමී ඕවර අනුපාතයක් රඳවා ගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21