රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයම විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අද (04) පස්වරු 05.00 සිට හෙට පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙන මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය මඟින් අදියර 01 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දෙනු ලබනවා.













