විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් 8,50,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසනවා.
හලාවත, බංගදෙණිය – කෝට්ටපිටිය පදිංචිකරුවෙක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
තමන් පදිංචිව සිටින ප්‍රදේශයේ හිතවත් අයෙක් හරහා කදාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හඳුනා ගත් බවත්, ගිය වසරේ (2024) අප්‍රේල් 22 වන දිනත්, එම වසරේම දෙසැම්බර් 17 යන කාලය තුළ අවස්ථා දෙකකදී එම පුද්ගලයා විසින් ලබා දී තිබූ බැංකු ගිණුමකට රුපියල් 8,50,000 ක මුදලක් බැර කළ බවද පැමිණිළිකරු පොලිසියට පවසා තිබෙනවා.
මේ වන තුරු පොරොන්දු වු රැකියාව හෝ තමා විසින් බැංකු ගත කරණ ලද මුදල ආපසු ලබා දීමට එම පුද්ගලයා කටයුතු නොකර තමන්ව මගහරිමින් සිටින බවයි පැමිණිළිකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.




