වර්තමාන තත්ත්වය තුළ සමාජීය සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව කොළඹ දී සිදුව ඇති බවයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ
එසේම මෙහිදී දෙරටේ ඉදිරි ද්වී පාර්ශවීය කටයුතු ගැන මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා සිදුව ඇති බවයි පැවසෙන්නේ.













