රටම දොස් නගන, වස් දොස් යන්න බැනුම් අහන මේ ස්ථානාධිපති රඹුක්කන OIC නෙවෙයි

රඹුක්කන ඇතිවූ සිද්ධියෙන් පුද්ගලයෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට රඹුක්කන ස්ථානාධිපතිවරයා අණදුන් බවට පවසමින් රඹුක්කන ස්ථානාධිපතිවරයාගේ බව පවසන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම හුවමාරු වන ඡායාරූප වත්මන් ස්ථානාධිපතිවරයාගේ නොව හිටපු ස්ථානාධිපතිවරයාගේ බවයි අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ.
මෙම ඡායාරූපවල සිටින ස්ථානාධිපතිවරයා මීට මාස දෙකකට පමණ පෙර රඹුක්න පොලිසියෙන් ස්ථාන මාරුවක් ලබා මඩකලපුව පාසිකුඩා පොලිසියට ගොස් තිබෙනවා.

මේ ගැන අපි ඔහුගෙන්ම විමසීමක් කළා..
මගේ ෆොටෝ එකක් තමයි මේ ෂෙයාර් වෙන්නේ..
මම දැන් මාස දෙකක් විතර වෙනවා පාසිකුඩා පොලිසියට ඇවිත්.
මගේ හඳහනේ තියෙනවා වස්දොස් යන්න ඕනේ කියලා.. දැන් මගේ වස්දොස් හොඳට ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !