රජය බලයට පත් වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් 65%ක් ගෙවා අවසන් – මුදල් රාජ්‍ය ඇමති

වත්මන් රජය බලයට පත් වන විට ගෙවීමට තිබූ බිලපත්වලින් 65%ක් ගෙවා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

2022 වර්ෂයේ අගෝස්තු මස 31 වන විට රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවීමට ඉතිරිව තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (20) දින වන විට එම බිල්පත්වල වටිනාකමෙන් ගෙවීමට ඇත්තේ රුපියල් බිලියන 126.6ක මුදලක් පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉදිකිරීමේ ක්ෂේත්‍රට අදාළ රුපියල් බිලියන 41.8ක බිල්පත් පමණක් ගෙවීමට ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ අභියෝග රාශියක් මත රජය මෙම පියවර ගත් බවයි.

බිල්පත් ගෙවා දැමීමේ දී කිසිඳු ප්‍රමුඛත්වයක් කිසිවකුටත් ලබා නොදෙන අතර කල් ගත වූ බිල්පත් පළමුව පියවීමේ ප්‍රතිපත්තිය මත පමණක් රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03