spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජය බලයට පත් වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් 65%ක් ගෙවා අවසන් – මුදල් රාජ්‍ය ඇමති

වත්මන් රජය බලයට පත් වන විට ගෙවීමට තිබූ බිලපත්වලින් 65%ක් ගෙවා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

2022 වර්ෂයේ අගෝස්තු මස 31 වන විට රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවීමට ඉතිරිව තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (20) දින වන විට එම බිල්පත්වල වටිනාකමෙන් ගෙවීමට ඇත්තේ රුපියල් බිලියන 126.6ක මුදලක් පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉදිකිරීමේ ක්ෂේත්‍රට අදාළ රුපියල් බිලියන 41.8ක බිල්පත් පමණක් ගෙවීමට ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ අභියෝග රාශියක් මත රජය මෙම පියවර ගත් බවයි.

බිල්පත් ගෙවා දැමීමේ දී කිසිඳු ප්‍රමුඛත්වයක් කිසිවකුටත් ලබා නොදෙන අතර කල් ගත වූ බිල්පත් පළමුව පියවීමේ ප්‍රතිපත්තිය මත පමණක් රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?