AFC Banner
Empty Ad
Empty Ad

රජය තවත් ණය වෙන්න යයි : ණය ගැනීමේ සීමාව ඉහළ දැමු අයුරු මෙන්න

ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ණය සීමාව මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විසර්ජන පනතට විශේෂ සංශෝධනයක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනු ඇත.

ණය ගැණුම් සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2020 අංක 07 දරන විසර්ජන පනත සඳහාවූ සං‍‍ශෝධනයට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.

රුපියල් කෝටි දෙලක්ෂ අනු නව දහස් හත් සියයක් ලෙස මෙතෙක් ණය ගැණුම් සීමාව මේ අනුව රුපියල් කෝටි තුන් ලක්ෂ තිස් නව දහස් හත් සියයක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේදී කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසුවේ ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය වූයේ කොවිඩ් 19 වසංගත තත්වය නිසා රටේ උද්ගතවූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම්වලට මුදල් සැපයීමේදී රුපියල අවප්‍රමාණය වීම නිසාවූ බලපෑම ආදී හේතු නිසා බවයි.‍

එසේම පරිපූරක වියදම් ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඉහළ ගිය සුබසාධන වියදම් හේතුවූ බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, එම වියදම් සඳහා පාර්ලිමේන්තුව රුපියල් බිලියන 200ක මුදලක් පසුගිය කාල සීමාවේදී අනුමත කළ බවද ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?