රජය තවත් ණය වෙන්න යයි : ණය ගැනීමේ සීමාව ඉහළ දැමු අයුරු මෙන්න

ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ණය සීමාව මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විසර්ජන පනතට විශේෂ සංශෝධනයක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනු ඇත.

ණය ගැණුම් සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2020 අංක 07 දරන විසර්ජන පනත සඳහාවූ සං‍‍ශෝධනයට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.

රුපියල් කෝටි දෙලක්ෂ අනු නව දහස් හත් සියයක් ලෙස මෙතෙක් ණය ගැණුම් සීමාව මේ අනුව රුපියල් කෝටි තුන් ලක්ෂ තිස් නව දහස් හත් සියයක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේදී කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසුවේ ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය වූයේ කොවිඩ් 19 වසංගත තත්වය නිසා රටේ උද්ගතවූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම්වලට මුදල් සැපයීමේදී රුපියල අවප්‍රමාණය වීම නිසාවූ බලපෑම ආදී හේතු නිසා බවයි.‍

එසේම පරිපූරක වියදම් ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඉහළ ගිය සුබසාධන වියදම් හේතුවූ බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, එම වියදම් සඳහා පාර්ලිමේන්තුව රුපියල් බිලියන 200ක මුදලක් පසුගිය කාල සීමාවේදී අනුමත කළ බවද ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16