තෙල් නැතිව නතර වුණු තුන්සක රියට දඩ කොළයක් – කොල්ලුපිටිය පොලිසියට දැඩි දෝෂාරෝපණයකුත් (වීඩියෝ)

සිය ත්‍රිරෝද රථය හදිසියේ ම අධික වාහන තදබදයක් පවතින අවස්ථාවක මහා මාර්ගය මධ්‍යයේ දී ඉන්ධන අවසන් ව නතර වීම හේතුවෙන් පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් විසින් දඩ කොළයක් ලිවීමට යාමේ දී; අදාළ රියදුරාගෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම්; කිසියම් වාසියක් පොලිසිය වෙනුවෙන් කළ හැකි දැයි විමසනු ලැබූ බව අසාධාරණයට ලක් වූ ත්‍රීරෝද රථ රියදුරෙකු චෝදනා කරනවා.

අද (28) දහවල් 1ට පමණ මෙම සිදුවීම කොළඹ ශාන්ත මයිකල් හන්දියේ දී සිදු ව ඇති බවයි දඩ කොළයෙහි සඳහන් ව ඇත්තේ.

අදාළ රියදුරාගේ ත්‍රීරෝද රථය මාර්ගය මැද නතර වී ඇත්තේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් බවත්; ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට රථයෙහි ගබඩා නොකර ගමනාන්තය තෙක් ධාවනයේ නො යෙදවීමේ චෝදනාවටයි ඔහුට එරෙහිව දඩ කොළයක් පොලිසිය විසින් ලියා ඇති බවට වාර්තා වන්නේ.

මෙම රියදුරා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර; ඔහුට විරුද්ධව කොල්ලුපිටිය පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරන නිලධාරියෙකු විසින් මෙම දඩ කොළය ලියා තිබෙනවා.

  1. මල්ලි මම නම් ඔයා ගැන ලැජ්ජා වෙනවා නීතිය දන්නැති කමට. ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට නැතුව වාහනය කොහොමද මහා පාරට දාන්නේ. අනිත් වාහන වලට ද අවහිරතා ඇති වෙනවා. ඒකට දඩයක් ගෙවීමට සිදුවෙනවා.
    පොලීසිය ඔයාගෙන් මොනවා හරි ඉල්ලුවා නම් එය වැරදියි. එය ඔප්පු කරලා ඔවුන්ට විරුද්ධව නීතියෙන් ඔවුන්ට දඬුවම් ලබාදිය හැකියි. මට බැනලා කොමන්ට් කරන්න එපා. මං මැදපෙරදිග රැකියාව කරනකොට ඔය වගේ දෙයක් සිද්ධ වුණා. මගේ වාහනේ මහා පාරේ නැවතුනා එවෙලේ පොලීසියෙන් ඇවිත් වාහනයේ යතුර ඔන් කරලා බැලුවා ඉන්ධන තියෙනවාද කියලයි. පස්සේ තමයි මං අවබෝධ කරගත්තේ නීතිය ගැන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30