Empty Ad
Empty Ad
 Empty Ad

රජයේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් – විශේෂ චක්‍රලේඛයකුත් නිකුත් වෙයි

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන කිසිදු ආචාර්‍යය මණ්ඩලයේ සාමාජිකයෙකුට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය ඊයේ (18) දිනයේ දී නිකුත් කර ඇත්තේ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්.

ඒ අනුව උතුරු මැද පළාතට අයත් වන අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉගැන්වීම් කටයුතු සිදු කරන කිසිදු රජයේ පාසල් විදුහල්පතිවරයෙකුට, ගුරුවරයෙකුට හෝ ගුරු උපදේශකවරයෙකුට මින් ඉදිරියට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් වනු ඇති.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයීය ලේකම්වරයා මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති සිදු කරන රජයේ පාසල්වල ගුරුවරු බොහෝමයක් නිසියාකාර ව පාසලේ ඉගැන්වීම කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයු.

එමෙන්ම එවැනි ගුරුවරු විසින් ඔවුන්ගේ උපකාරක පන්තිවලට එක් නොවන පාසල් පන්ති කාමරයේ සිසු දරුවන් ව තාඩන පීඩනවලට ලක් කර කොන්කිරීම් සිදු කරන බවටත් තොරතුරු වාර්තා වී ඇති බවයි සඳහන් කළා.

මේ තත්ත්වය මත ඉදිරියේ දී මෙම චක්‍රලේඛයට පටහැනිව ක්‍රියා කරන සියලු ම රජයේ පාසල්වල ගුරු – විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය මේ වනවිට එම පළාතේ පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප හා සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
417
+1
37
+1
250
+1
25
+1
36
+1
20
+1
42
Subscribe
Notify of
15 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟේ මයිල් කෙලින් වෙන්න ටිල්වින් එදා කිව්ව කතාව අද මුලු රටේම යථාරතයක් වෙලා
02:33
Video thumbnail
වතුකරයේ යකඩ කාන්තා හඬ - අම්බිකා සහෝදරිය පිළිගත් අයුරු
01:26
Video thumbnail
මාතරින් දියවන්නාවට එන්න වරම් ලබපු මුස්ලිම් සහෝදරයා මුල්වරට මාධ්‍යට කිව්ව දේ #npp #election2024
02:27
Video thumbnail
මට ඩාලි රෝඩ් එකත් බාරගන්න වෙනවා - චාමර සම්පත් ගැම්මෙන් කිව්ව කතාව - සැර වැඩිද මන්දා...
01:32
Video thumbnail
මාලිමාවේ ජයග්‍රහණයට පදක්කමෙන් සුබ පැතුම් - "අපි මීට වඩා ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණා
02:51
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
11:51
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
18:04
Video thumbnail
🛑BREAKING NEWS 🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
15:46
Video thumbnail
අනුර බලය අල්ලලා ටික වෙලාවකින් අල්ලපු හෙරෝයින් තොගය
05:34
Video thumbnail
අනෙක් අයට ආදර්ශයක් වෙන්න පිය පුතු දේශපාලනය කරන පියයි - පුතයි
06:24

?