රජයේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් – විශේෂ චක්‍රලේඛයකුත් නිකුත් වෙයි

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන කිසිදු ආචාර්‍යය මණ්ඩලයේ සාමාජිකයෙකුට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය ඊයේ (18) දිනයේ දී නිකුත් කර ඇත්තේ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්.

ඒ අනුව උතුරු මැද පළාතට අයත් වන අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉගැන්වීම් කටයුතු සිදු කරන කිසිදු රජයේ පාසල් විදුහල්පතිවරයෙකුට, ගුරුවරයෙකුට හෝ ගුරු උපදේශකවරයෙකුට මින් ඉදිරියට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් වනු ඇති.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයීය ලේකම්වරයා මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති සිදු කරන රජයේ පාසල්වල ගුරුවරු බොහෝමයක් නිසියාකාර ව පාසලේ ඉගැන්වීම කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයු.

එමෙන්ම එවැනි ගුරුවරු විසින් ඔවුන්ගේ උපකාරක පන්තිවලට එක් නොවන පාසල් පන්ති කාමරයේ සිසු දරුවන් ව තාඩන පීඩනවලට ලක් කර කොන්කිරීම් සිදු කරන බවටත් තොරතුරු වාර්තා වී ඇති බවයි සඳහන් කළා.

මේ තත්ත්වය මත ඉදිරියේ දී මෙම චක්‍රලේඛයට පටහැනිව ක්‍රියා කරන සියලු ම රජයේ පාසල්වල ගුරු – විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය මේ වනවිට එම පළාතේ පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප හා සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවත් වාර්තා වනවා.

  1. වසර ගනනාවකට පෙර ගන්න තිබුන තීරනයක් දැන්වත් ගත්ත එක ලොකු දෙයක්.උදේ ඉදන් ගුරුවරුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ හවස ටියුශන් එක ගැන.රටේ සවුක්‍යට උන දේම අද්‍යාපනයට වෙන එක නවත්තන්න ගත්ත හොද තීරනයක්.

  2. ගුරුවරු උගන්වන්නේ නැත්නම් මොකාද උගන්වන්නේ… උදේ ඉදන් කිසිම පුහුණු වක් නැති සුදුසුකම් නැති කුණුහරප කාරයන් ට ළමයි අල්ලගන්න නීතිමය පසුබිම මේ හදන්නේ. එහෙමනම් ඒ පළාතේ tution සම්පුර්ණයෙන්ම තහනම් කරන්න..

  3. මේ ප්‍රවෘත්තිය වැරදියට ලියල තියෙන්නේ..මේ චක්‍රලේකයෙන් කියල තියෙන්නේ තමන්ගෙ පාසලේ ලමයින්ට ටියුෂන් කරන්න තහනම් කියල විතරයි.

  4. ඇත්තටම හොද එඩිතර තිරනයක් රජයේ නිළධාරින් ගෙන් දැකපු හොඳම තිරනයක් ජයවෙිවා අනිත් පැතිවලත් ඔක කරානමි හරි

  5. ඉතාම හොද පියවරක් අඅනිවාර්යයෙන්ම ව්‍යාප්ත විය යුතු වැඩ පිපිළිවෙළක් අනෙක් පළාත්වල මෙවන් අවධානයක් නැති එක ඉතාම කකණගාටුදායකයි

  6. ඒක අසාර්ථකයි.A/L දක්වා සියලුම ටියුෂන් තහනම් කරන් ඕන.අන්න එදාට සියලුම දරැවන්ට සාධාරණයක්වෙයි.

  7. පාසලේ හොඳට උගන්වනවානම් අමතර පන්නි අවශ්‍ය නෑ.පාසලේ උගන්වන දේමනෙ අමතර පන්තියෙත් උගන්වන්නෙ.

  8. බොහොම හොද තිරනයක්.දරුවන්ට නිදහස ලැබෙන්න ඕන.මේ ආකාරයට ශිෂ්‍යත්ව විභාගයෙත් පීඩනය අඩු කරනවනම් බොහොම හොදයි🙏

  9. හොදම හොද තීරණයක්.හැම පලාතෙම ක්‍රියාත්මක කලානම් හරි.එයාලගේ ක්ලාස් එන්නැති දරුවන් හොදටම මානසිකව වට්ටනවා ගරුහොරු 🥲🥲😡



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29