අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරීමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙක් අල්ලස් කොමිසම විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව, කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් ලෙස පෙනී සිට, රජයේ නිලධාරීන් වෙත බලපෑම් කිරීමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.
පොළොන්නරුව, පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙක් ලෙස මෙම සැකකරු සේවය කර ඇති බවට වාර්තා වනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.












