logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රංගේබණ්ඩාරගේ පුතා ඇප මත මුදාහැරේ

කරුවලගස්වැව, හතේ කණුව – මීඔය ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ඇප මත මුදාහැර තිබෙනවා.

කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව අද (29) පස්වරුවේ ඉදිරිපත් කෙරුණේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි.

එහිදී යශෝධ රංගේබණ්ඩාරව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කර ඇති අතර, ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද නියෝග කර තිබෙනවා.

අනතුරුව අධිකරණය නියෝග කළේ මෙම නඩුව ලබන වසරේ මාර්තු 25වනදා කැඳවීමටයි.

අද (09) අලුයම යශෝධ රංගේබණ්ඩා ගමන් ගත් මෝටර් රථය පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරකට ලක්ව තිබුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?