රංගේබණ්ඩාරගේ පුතා ඇප මත මුදාහැරේ

කරුවලගස්වැව, හතේ කණුව – මීඔය ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ඇප මත මුදාහැර තිබෙනවා.

කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව අද (29) පස්වරුවේ ඉදිරිපත් කෙරුණේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි.

එහිදී යශෝධ රංගේබණ්ඩාරව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කර ඇති අතර, ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද නියෝග කර තිබෙනවා.

අනතුරුව අධිකරණය නියෝග කළේ මෙම නඩුව ලබන වසරේ මාර්තු 25වනදා කැඳවීමටයි.

අද (09) අලුයම යශෝධ රංගේබණ්ඩා ගමන් ගත් මෝටර් රථය පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරකට ලක්ව තිබුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35