අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්
යෝෂිත රාජපක්ෂ ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකාර යෝෂිත රාජපක්ෂ අද (25) පස්වරුවේ කොළඹ අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව අද (25) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.