යෝෂිත එළියට ගත්තු නාමල් ආණ්ඩුවට දෙහි කපයි (වීඩියෝ)

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමක වැයකළ යුතු කාලය, ආණ්ඩුව දේශපාලඥයින්ව දඩයම් කිරීමට යොදවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහෝදරයා වන යෝෂිත රාජපක්ෂට අද (27) දිනයේ ඇප නියම වීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

“රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ මල්ලි. දඩයම් කරන්න පාවිච්චි කරන්න වෙනුවට හාල් ටික පොල් ටික තුනපහ ටික අරන් දෙන්න, තුන්වේල කන්න පුළුවන් වෙන විදියට ආර්ථිකය හදලා දෙන්නේ කටයුතු කළොත් හොඳයි. අපරාදයක් හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිලල එක්කන් ආපු එක.
අපිට සඳුදා එන්න කිව්වානම් අපි එනවා. ඉරිදා එන්න කිව්වත් අපි එනවා.මොකද අපි ආපු ගියපු නැති තැනක් නෙවෙයි නේ. මම කිව්වනේ පොලිසියටත් නෝන්ඩි වෙන්න එපා කියලා.
මේ නඩුව පටන් ගත්තෙත් දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබිච්ච දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. පැහැදිලිවම විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න තමයි ආණ්ඩුව උත්සහ කරන්නේ. පැහැදිලිව අපි ආණ්ඩුවට කියන්නේ අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ ඔප්පු කරන්න. නිකන් මාධ්‍ය සංදර්ශන දාලා ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා. අපි විතරක් නෙවයි ඒ ආණ්ඩුවේත් ඉන්නවා ඉඩම් අල්ලපු අය මේ සියලු දෙනාට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන හැබැයි දේශපාලනීකරණය කරන්න එපා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?