යෝෂිත එළියට ගත්තු නාමල් ආණ්ඩුවට දෙහි කපයි (වීඩියෝ)

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමක වැයකළ යුතු කාලය, ආණ්ඩුව දේශපාලඥයින්ව දඩයම් කිරීමට යොදවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහෝදරයා වන යෝෂිත රාජපක්ෂට අද (27) දිනයේ ඇප නියම වීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

“රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ මල්ලි. දඩයම් කරන්න පාවිච්චි කරන්න වෙනුවට හාල් ටික පොල් ටික තුනපහ ටික අරන් දෙන්න, තුන්වේල කන්න පුළුවන් වෙන විදියට ආර්ථිකය හදලා දෙන්නේ කටයුතු කළොත් හොඳයි. අපරාදයක් හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිලල එක්කන් ආපු එක.
අපිට සඳුදා එන්න කිව්වානම් අපි එනවා. ඉරිදා එන්න කිව්වත් අපි එනවා.මොකද අපි ආපු ගියපු නැති තැනක් නෙවෙයි නේ. මම කිව්වනේ පොලිසියටත් නෝන්ඩි වෙන්න එපා කියලා.
මේ නඩුව පටන් ගත්තෙත් දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබිච්ච දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. පැහැදිලිවම විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න තමයි ආණ්ඩුව උත්සහ කරන්නේ. පැහැදිලිව අපි ආණ්ඩුවට කියන්නේ අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ ඔප්පු කරන්න. නිකන් මාධ්‍ය සංදර්ශන දාලා ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා. අපි විතරක් නෙවයි ඒ ආණ්ඩුවේත් ඉන්නවා ඉඩම් අල්ලපු අය මේ සියලු දෙනාට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන හැබැයි දේශපාලනීකරණය කරන්න එපා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20