යූරියා ගොඩබෑම නිරීක්ෂණයට කෘෂි ඇමති කොළඹ වරායට

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම අද (28) ආරම්භ වුණා.

මෙය නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ වරාය පරිශ්‍රයට පැමිණ සිටියා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙමක් පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගෙවියන් වෙත ලබාදෙන බවයි.

මෙලෙස පොහොර මිටියක් ලබාදෙන්නේ රුපියල් 5,000ක පාඩුවක් විඳිමින් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පසුගිය යල කන්නයේ දී ලබාදුන් යූරියා පොහොර මිටිවල නියමිත බර නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළ බව කී අමාත්‍යවරයා, මෙවර මාධ්‍ය ඉදිරියේම අහඹු ලෙස තෝරාගත් පොහොර මිටි කිහිපයක බර කිරා බැලීමට ද කටයුතු කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?