GMOA වර්ජනය අවසන් – ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණය අද

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබු පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8 අවසන් කෙරුණා.

කෙසේ වෙතත් එම සංගමය විසින් පවතින ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (01) රැස්වන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බවත් එම සංගමය දැනුම් දෙනු ලැබුවා.