බක් පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ අදවන් බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වනවා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

බක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !