යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට

දිවා කාලයේ නිවසකට ඇතුළු වී මුදල් සහ අනුකරණ රන් පළදනාවක් සොරකම් කළ බව කියන යුධ හමුදා සෙබළෙකුව පොල්පිතිගම පොලීසිය විසින් ඉකුත් 08 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අනියුක්තව සේවය කරන අයෙකු බවට හදුනා ගෙන ඇත.ඔහු පොල්පිතිගම,තලාකොළවැව – හක්වටුනාව පදිංචිකරුවෙකි.

ඉකුත් 07 වැනිදා පෙරවරු 11.30 ට පමණ හක්වටුනාව ප්‍රදේශයේ නිවසක් බිද රුපියල් 12,400 ක මුදලක් සහ රුපියල් 3500 ක් වටිනා අනුකරණ රන් අත්පළදනාවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පොල්පිතිගම පොලීසියට ලැබී ඇත.එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරීන් සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී නිවස බිද සොරකම් කරන ලද මුදල් වලින් රුපියල් 2000 ක මුදලක් තිබී ඇත.

සැකකාර යුධ හමුදා සෙබළා දින 07 ක කාලයක් සදහා නිවාඩු ලබා ගෙන ඉකුත් 05 වැනිදා තම නිවසට පැමිණ සිටි අයෙකු බවටද හෙලිවී ඇත.

සැකකරු මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොල්පිතිගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?