යුද හමුදාව වෙතින් විශ්ව විද්‍යාල වරම් ලැබූ විරු දරුවන්ට ලැප්ටොප් පරිගණක (ඡායාරූප)

ශ්‍රී ලංකා යුද හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලද දරුවන් වෙත ලැප්ටොප් පරිගණක ප්‍රධානය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය දා (12) යුද හමුදා මූලස්ථානයේ දී පැවැත් වුණා.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් උපාධි අපේක්ෂකයින් 57 දෙනෙකු සදහා ලැප්ටොප් පරිඝණක ලබාදෙනු ලැබුවා.

දැනට සේවයේ නියුතු සාමාජිකයින්ගේ දරුවන් හට අත්‍යවශ්‍ය තාක්ෂණික සම්පත් ලබාදීමෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහායවීම මෙහි අරමුණයි.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභී දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !