යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.
මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 296g ,අයිස් 194g ,ගංජා 117kg 421g ,ගංජා පැල 41767ක්, අබිං 48kg 140g,මාවා 01kg 86g, තුල් 25g ,මත්පෙති 223ක් ,හෑෂ් 90g ,මදන මෝදක ගුලි 77g
සැකකරුවන් සිව්දෙනෙක් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.
එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.




