Empty Ad
AFC Banner
Empty Ad

යාල වනෝද්‍යානය තාවකාලිකව වැසේ

යාල ජාතික වනෝද්‍යානය අද (01) දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පවතින වැසි තත්ත්වය පහව යනතුරු මෙලෙස එම වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කර ඇති බවයි වනෝද්‍යානය භාරකාරීත්වය සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යට වී තිබෙනවා.

වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් ද කඩාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරකයින්ගේ ආරක්ෂාව සහ වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?