යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් කොටසක් සිවිල් වැසියන්ට නැවත පවරයි

යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40.7ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කිරීම ඊයේ(01) සිදු කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.ප්‍රදීපන් මහතා වෙත අදාළ ඉඩම් නිදහස් කිරීමට වන ලියවිලි භාරදීම සිදු කළ බවයි.

වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වාසවිලාන් කොට්ඨාසයේ ඉඩම් අක්කර 20ක්, මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15ක්, යාපනය – කට්කෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5.7 ක් එලෙස සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

අදාළ ඉඩම් කඩිනමින් ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසුවා.

මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් පිරිසක් හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?