යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් කොටසක් සිවිල් වැසියන්ට නැවත පවරයි

යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40.7ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කිරීම ඊයේ(01) සිදු කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.ප්‍රදීපන් මහතා වෙත අදාළ ඉඩම් නිදහස් කිරීමට වන ලියවිලි භාරදීම සිදු කළ බවයි.

වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වාසවිලාන් කොට්ඨාසයේ ඉඩම් අක්කර 20ක්, මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15ක්, යාපනය – කට්කෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5.7 ක් එලෙස සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

අදාළ ඉඩම් කඩිනමින් ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසුවා.

මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් පිරිසක් හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18