spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් සිසුවකු කොල්ලකා පලා යයි

පෙරේදා (14) යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ ප්‍රසිද්ධ පාසලක 18 හැවිරිදි සිසුවෙක්ව පොලීසියෙන් යැයි කියා බියගන්වා පැහැරගෙන ගොස් තිබෙනවා.

කුඩගම මැංගුස් වත්ත පාලු ප්‍රදේශයක දී සිසුවා පැළඳ සිටි රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පලාගොස් ඇති බව අවිස්සාවේල්ල පොලිසිය වාර්තා කරනවා.

හංවැල්ල තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි සිසුවා මිතුරකු සමඟ අවිස්සාවේල්ල ට පැමිණ මිතුරා ඔහුව අවිස්සාවේල්ල දුම්රිය සේවක සමිති ගොඩනැගිල්ල ඉදිරිපස බස්සවා වෙනත් මිතුරකු ඇරලීම සඳහා ගොස් සිටියදීයි මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් “මෙහෙට වරෙන් උඹ මෙතන ඉඳගෙන කුඩු විකුණන නේද වරෙන් අපිත් එක්ක ඕ අයි සි මහත්තයා ගාවට යන්න” යයි පවසා ඔහුව යතුරු පැදියේ මැද හිඳුවා ගෙන පාළු ප්‍රදේශයට රැගෙන ගොස් මෙම කොල්ලය සිදු කර තිබෙනවා.

මුදල් පසුම්බියේ තිබූ රුපියල් 800ක මුදලින් දෙසියයක් පමණ සිසුවාට ලබාදුන් කොල්ලකරුවෝ “උබ ඔතනම හිටපං අපි ඕඅයිසී මහත්තයව එක්කගෙන එනකං” යයි පවසා එම ස්ථානයෙන් පළා ගොස් තිබූ බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?