ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රි අනතුරක් සිදුව තිබෙනවා.
ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථය වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයන් තිදෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා තිබෙනවා.
එහිදී බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු රෝහල් ගත කරන විට මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අඅවුරුදු 32ක චින්තක ඉෂාන් නැමැති පුද්ගලයෙක්.
තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.





