මෝටර් රථයක් සහ ත්‍රිරෝද රියක් එකිනෙක ගැටී වැල්ලවායේ මාරක අනතුරක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රි අනතුරක් සිදුව තිබෙනවා.

ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථය වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයන් තිදෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු රෝහල් ගත කරන විට මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අඅවුරුදු 32ක චින්තක ඉෂාන් නැමැති පුද්ගලයෙක්.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06