මොණරාගල ඉඩම් හෙක්ටයාර් 5000ක් වගාවට

මොණරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව මොණරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් මෙලෙස වගා කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ඉඩම් වගා කටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ඒ, ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මේ සම්බන්ධයෙන් සකච්ඡා වී තිබෙනවා.

මේ වන විටත් මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර ඇති අතර, එයින් වන වගාව සඳහා පැළ සූදානම් කර ඇති හෙක්ටෙයාර් 3000ක භූමි ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

ඉතිරි හෙක්ටෙයාර් 5000ක පමණ භූමි ප්‍රමාණය නැවත වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු, වගා කටයුතු සඳහා තාවකාලික පදනම මත ගොවි ජනතාවට බෙදා දීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44