spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොණරාගල ඉඩම් හෙක්ටයාර් 5000ක් වගාවට

මොණරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව මොණරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් මෙලෙස වගා කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ඉඩම් වගා කටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ඒ, ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මේ සම්බන්ධයෙන් සකච්ඡා වී තිබෙනවා.

මේ වන විටත් මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර ඇති අතර, එයින් වන වගාව සඳහා පැළ සූදානම් කර ඇති හෙක්ටෙයාර් 3000ක භූමි ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

ඉතිරි හෙක්ටෙයාර් 5000ක පමණ භූමි ප්‍රමාණය නැවත වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු, වගා කටයුතු සඳහා තාවකාලික පදනම මත ගොවි ජනතාවට බෙදා දීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?