මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ, යාපනය දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව 473 ක්ය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 427 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ ය.පසුගිය ඉරිදා සිට ආරම්භ කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසහටන තුළින් පරිශ්‍ර 6865 ක් පරීක්ෂා කර ඉන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන 462 ක් සොයා ගෙන තිබේ.

ඉන් 346 අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?